Thursday, September 19, 2013

සිංදු අහන්නේ මොකටද ??

ඔයාගෙන් මම ප්‍රශ්නයක්  ඇහුවොත් සිංදුවක් අහන්නේ ඇයි කියලා, ඒක ලේසියි වගේ පෙනුනට උත්තර දෙන්න ටිකක් අමාරු ප්‍රශ්නයක්.මේකට උත්තරය එක එක්කෙනා අනුව වෙනස් වෙන්න පුළුවන්.මටත්  සැහෙන කාලෙකට කලින් ඇතිවුණු ප්‍රශ්නයක් මේක.

ඇමෙරිකාවේ Stanford විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිලිබඳ  මහාචාර්ය Carol Krumhansl ට අනුව නම් බොහෝ මිනිසුන් සිංදු අහන්නේ එහි ඇති භාවමය ප්‍රකාශන  නිසයි.ඔබත්දැන් කල්පනා කරනව ඇත්තේ  ඔබ සිංදු අහන්නෙත් භාවමය ප්‍රකාශන නිසාද කියල?.


සමහරවිට සිංදු අහද්දී දුක හිතෙනවා,සමහරුන්ට ඇඩේනව, සතුටක්  දැනෙනවා, විස්තර කරන්න බැරි හැගීම්(භාවයන් ) ගැන අපි හැමෝටම වගේ පෞද්ගලික අත්දැකීම් තියනවා.


මෙන්න මේ දෙය ඔයාටත් වෙලා තියනවද බලන්න.............

ඔයාගේ ජීවිතයේ මොකක් හරි අමතක නොවෙන සිදුවීමක් උන වෙලාවක  ඔයාට ඇහුන සිංදුවක් ගැන හිතල බලන්න,  ඒ සින්දුව ආය ඇහෙන වාරයක් ගානේ ඔයත් නොදැනීම අර අමතක නොවෙන සිදුවීම ඔයාට මතක් වේවි.එදා දවසේ වුනු ඒ සිදුවීම සින්දුවත් එක්ක එකතු වෙලා ඔයාගේ මතකයේ තැන්පත් වෙලා තියෙන්නේ .

ඔයා සිංදුවක් අහනකොට ඊළඟට සින්දුවේ වෙන්නෙ මොනාද, උදාහරණයක් විදිහට සිංදුවේ වචන,සංගීතය ගැන ඔයා පූර්ව නිගමනයක් කරනවා(guess) සමහරවිට ඔයා ඒ සිංදුව කලින් අහල නැති වෙන්නත් පුළුවන්.
එත් ඔයා කරපු නිගමනය වැරදුනොත් හෝ හරිගියොත් එයින් ඔයා තුල භාවයන්(emotions)ඇතිවෙනවා සිංදුවක් රසවිඳින තව විදිහක් තමයි  ඒක.

මෙන්න මේ සිංදු ටිකත් අහල බලන්න......................

1) Toni Braxton - Un-Break My Heart 

http://www.youtube.com/watch?v=p2Rch6WvPJE 

 2) Micheal Jackson-Liberian Girl

 



Wednesday, September 18, 2013

Happening ද ?

පලවෙනි පෝස්ට් එක ලියන්නේ මොකක් ගැනද කියලා සෑහෙන වෙලාවක ඉඳලා කල්පනා කරනවා.මට blog එකක් ලියන්න හිතුනෙ ඇයි කියන එකට ආසන්නම උත්තරය වෙන්නෙ මම Degree එක ඉවර වෙලා Graduation Ceremony එක තියනකම් කරන්න ලොකු වැඩක් නැති නිසා කියන එක සහ බ්ලොග්කරණය නමැති විෂය ගැන අත්දැකීමක් ලබාගැනීම.

මම සිංහල බ්ලොග් කියවන්න පටන් ගත්තේ සැහෙන කාලෙකට කලින්.සිංහල බ්ලොග් අවකාශයේ මම ඉතාමත් දක්ෂ බ්ලොග්කරුවන් සහ අතිශය රසවත් ලිපි රාශියක් දැකලා තියනවා.ඒවා තුලින් මම ඉගනගෙන ඇති දෑ බොහොමයි.

අද ඉඳල  මමත් බ්ලොග් අවකාශයට යමක් එකතු කරන්න කරන උත්සාහය තමයි මේක.................